Saturday, January 14, 2017

ලකුණු සර

Lakunu sara සියබස්ලකරින් කාව්‍යාලංකාර, සිදත් සඟාවෙන් ව්‍යාකරණ සහ එළු සඳස් ලකුණින් ඡන්දස් යන විෂයයන් ගැන ලියැවී තිබිය දී කාව්‍යකරණය පිළිබඳ කරුණු පහදමින් ලියැවුණු කෘතිය ‘ලකුණුසර’ නම් වේ. විශේෂයෙන් කාව්‍යකරණයේ ඉෂ්ටානිෂ්ට ප‍්‍රතිඵල හෙවත් සුභාසුන විපාක විග‍්‍රහ කොට දක්වනු උදෙසා ලකුණුසර ලියැවී තිබේ. සිදත් සඟාවේ අවසාන භාගයේ ඉෂ්ටානිෂ්ට අක්ෂර සහ කාව්‍ය දෝෂ ගැන සඳහන් වන කොටස පසු කාලයක දී එයට එක් වූවකැයි සමහරු මත පළ කරති. එය කෙසේ වුවත් මේ විෂයය පිළිබඳ වෙන ම කෘතියක් සේ ලියැවුණු දැනට අපට හමුවන පැරණි ම පොත ලකුණුසර යි. ලකුණුසර ප‍්‍රමාණයෙන් කුඩා කෘතියකි. සිදත් සඟාව සහ එළු සඳස් ලකුණ වැනි කෘතියක් හා සසඳ්‍ර බලද්දී අගයෙන් අඩු බවක් පෙනුණ ද කාව්‍ය ශාස්ත‍්‍රයට අදාළ තවත් වැදගත් අංශයක් හෙළි පෙහෙළි කිරීම අතින් මෙහි වටිනාකම කැපී පෙනේ. කාව්‍ය ලක්ෂණවල හරය නැතහොත් සාරය දැක්වීම යන අර්ථයෙන් ‘ලකුණුසර’ යන්න යෙදී ඇති බැව් පෙනේ. ‘සර’ යන්නෙහි ශබ්දය යන අර්ථය ද ඇත. මේ පොතෙහි නම කතුවරයා විසින් මෙසේ යොදන ලද ද නැතහොත් පසු ව යොදා ගත්තක් ද යන්න පැහැදිලි නැත. එහෙත් මෙහි ආරම්භයෙහි එන ‘ලකණැජනේ’ යන්නෙහි ද අවසාන පද්‍යයෙහි එන ‘මෙ ලකුණු බිණි යුත්’ යන්නෙහිද ‘ලකුණු’ යන්න ප‍්‍රකට වේ. ලකුණුසරෙහි ‘කියනෙම් සැටකවෙකිනෙක්’ යැයි කියැවෙන පරිදි කවි හැට එකකින් මේ කෘතිය ලියූ බව පැවැසේ. එහෙත් දැනට දකින්නට ලැබෙන්නේ පද්‍ය 58 ක් පමණි. ඉතිරි පද්‍ය තුන කෘතිය අවසානයෙහි තිබී කාලයක දී ගිලිහී යන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එසේ වී නම් කර්තෘ නාමය හා ග‍්‍රන්ථ කාලය පිළිබඳ තොරතුරු එහි තිබෙන්නට ඇත. මෙහි කතුවරයාණන් කවුරුන් ද යන්න කෘතියෙන් හෝ වෙනත් මූලාශ‍්‍රයයකින් හෝ හෙළිදරව් නො වේ. මෙය ලියැවී ඇත්තේ ගී විරිතෙනි. මේ ගීවල භාෂා විලාසය සහ උදාහරණ ගී සපයා ගත් කෘතිවල කාල වකවානු ආදිය සලකා බැලීමේ දී ලකුණුසර දඹදෙණි සමයේ අගභාගයේ දී ලියැවුණු කෘතියකැයි සැලකිය හැකිවේ. මෙහි එන ගී සංඛ්‍යාව ගණනය කොට ඇත්තේ වරින්වර ඉදිරිපත් කෙරෙන උදාහරණ ගී ද සමඟ ය. එබැවින් ලකුණුසර රචකයා අතින් ලියැවී ඇති ගී සංඛ්‍යාව හතළිස් ගණනකට පමණ සීමා වේ. සම්බුද්ධ නමස්කාරයෙන් පසු එන දෙවැනි ගීයෙන් කෘතියේ අරමුණ පැහැදිලි කොට ඇත්තේ මෙලෙසිනි: ‘පොරණ ලකණැජරන් - කුළුණැස් නොලද ලෙව්හට අට ගණ සද වත් ඈ - ගුණ දොස් බිඳු දක්වම්’ මෙයින් කියැවෙන පරිදි පුරාණ ලක්ෂණ ආචාර්යවරයන්ගේ කාරුණික දැක්ම නො ලැබු ලෝකයාට අටගණ, ශබ්ද, වස්තු ආදි වූ ගුණ දෝෂ බිඳක් දැක්වීම මෙහි පරමාර්ථය යි. මේ අනුව මෙහි ප‍්‍රකාශ කරන්නට අපේක්ෂිත ලක්ෂණ ශාස්ත‍්‍රය උගතුන් ඇසුරේ පෙර සිට පැවැති බවත් ඒ පිළිබඳ යම් යම් කෘති තිබූ බවක් පැවැසේ. තවද මේ කෘතියේ අදහස ස්වල්ප වශයෙන් හෙවත් සාරය හැටියට එකී ලක්ෂණ පහදා දීම බව පළ වේ. එබැවින් මෙය මෙසේ කුඩා රචනයක් ලෙසින් නිර්මාණය වී ඇති බැව් සිතිය හැකි ය. පද්‍ය බන්ධනයෙහි දී ගණ පමණක් නො ව ශබ්ද ගැන ද අවධානය යොමු කළ යුතු වග පැහැදිලි කෙරෙන ලකුණුසරෙහි යහපත සලසන සුබ අර්ථ ඇති වදන් සහ අයහපත ගෙනෙන අසුබ අර්ථ ඇති වදන් මොනවා දැයි යන්න ඊළඟ කොටසින් පැහැදිලි කරයි. කාව්‍යාරම්භයේ මෙන් ම අවසානයෙහිත් යෙදිය යුතු සුබ අර්ථ ඇති වචන සහ නො යෙදිය යුතු අසුබ වචන සමූහයක් එහි දක්වා ඇත. අවසාන වශයෙන් පැවැසෙන්නේ යවහන් දෝෂ පිළිබඳ ව යි. යවහන් යන අකුරු සතරට අදාළ ව යෙදෙන දෝෂය මහා දෝෂයක් සේ මෙහි දැක්වේ. යවහන් බලපානුයේ එළිසම කවි උදෙසා ය. ගී විරිතෙන් සැදි මේ පොතෙහි එළිසම කවියක් දකින්නට ලැබෙන්නේ යවහන් දෝෂ ගැන පැවසෙන උදාහරණ කවියක් වශයෙන් පමණි. යවහන් අක්ෂර හතරට උදාහරණ පිණිස කවි හතරක් තිබිය යුතු වුව ද මෙහි ඇත්තේ එක ම කවියකි. මුල් පිටපතින් ගිලිහී ඇති පද්‍ය තුන ඇතැම් විට මෙතැන තිබිය යුතු වූ කවි තුන වන්නට ද පිළිවන. ඉහත දැක්වුණු අන්තර්ගතයේ වූ කරුණු දෙස බැලීමේ දී ලකුණුසර යනු හුදෙක් සෙත් ප‍්‍රාර්ථනය කෙරෙන කාව්‍ය නිබන්ධනයේ ලා වූ උපදේශාත්මක කෘතියක් සේ දකින්නට පිළිවන. කාව්‍ය බන්ධනය හුදෙක් රසවින්දනය ම පමණක් නො ව තවත් අකුරු අරමුණු උදෙසා ද උපයෝගී කොට ගැනුණු ආකාරය මෙයින් ප‍්‍රත්‍යක්ෂ වේ. ඉෂ්ට අනිෂ්ට ගණ සහ සුබ අසුබ වදන් පිළිබඳ දැක්වීමෙන් ගුප්ත විද්‍යාවක් ලෙසින් කාව්‍යය භාවිත වූ ආකාරය අවබෝධ කර ගත හැකි ය. එහි දී යහපත් ප‍්‍රාර්ථනා උදෙසා මෙන්ම අයහපත් අරමුණු උදෙසා ද මේ ශබ්ද විද්‍යාව මෙහෙයවිය හැකි ව තිබූ වග මෙහි එන කරුණුවලින් ම නිරාවරණය වේ. සෙත්කවි සහ වස්කවි යනුවෙන් ව්‍යවහාරයෙහි වූයේ මේ දෙඅංශය යි. ලකුණුසරෙන් පැහැදිලි කෙරෙන්නේ ඉෂ්ට ගණ, සුබ වදන් හා මංගල වස්තු කාව්‍යකරණයේ දී භාවිත කළ යුතු බව පමණක් නො ව අනිෂ්ට ගණ, අසුබ වදන් හා අවමංගල වස්තුවලින් ද කාව්‍ය දෝෂවලින් ද මිදී කාව්‍ය රචනයෙහි යෙදිය යුතු වගයි. එසේ කෙරෙන කාව්‍ය ප‍්‍රබන්ධයෙන් තමාගේත් සෙත් ලැබිය යුතු අයගේත් යහපත උදාවන බව කතුවරයා වරින්වර පහදා දෙනු දැකිය හැකි ය. ලකුණුසර පැරැණි ගී විරිත් ශෛලියෙන් පමණක් නො ව පැරැණි භාෂා විලාසයෙන් ද යුක්ත වුවත් සිදත් සඟාව සහ එළු සඳස් ලකුණට වඩා ලිහිල් බවකින් යුක්ත ය. මෙය

No comments:

Post a Comment