Saturday, January 14, 2017

ලංකාවේ අන්තර්ජාල භාවිතය

Currents වෙසෙස් අදහස් කතා-බස් රත්තරං ටික කෙටියෙන් ඔමරි ඔත්තු කට කොකියනවට BoondiLets වෙසෙස් බූන්දි ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය | විමසුමක් Kumudu Priyankara | කුමුදු ප්‍රියංකර බූන්දි, සෙනසුරාදා, නොවැම්බර් 26, 2011 17:04:40  අන්තර්ජාලයේ මූලාරම්භය 1960 දක්වා විහිදී ගිය ද එහි ලෝක ව්‍යාප්ත ජාලය (www - World Wide Web) නමැති සංකල්පය මුල්වරට ඉදිරිපත්වන්නේ 1982 වසරේදීය. නමුත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දෙන්නේ 1990 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙනි. ලංකාව පුරා විහිදී ඇති අධ්‍යාපනික හා පර්යේෂක නියෝජිතයන් එකට එකතු කරමින් මෙම ව්‍යාපෘතිය ඇරඹුනි. ලංකාවේ දැනට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ වන වන බවද එය සමස්ත ජනගහනයෙන් 14% ක් වන බව ලංකා බිස්නස් රිපෝට් (www.lbr.lk) සඳහන් කරයි. මොවුන්ගෙන් 46% ක් දෙනා අන්තර්ජාලයට පිවිසෙන්නේ ජංගම දුරකතන මගින් වන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. අන්තර්ජාලය සම්බන්ධතා පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත ගෙන බැලීමේදී, එය අන්තර්ජාලය පරිහරණය කරන පිරිසට වඩා අඩු බවක් දැක ගත හැකිය. එසේ වීමට හේතුව එක් සම්බන්ධතාවයක් හරහා කිහිපදෙනෙකු අන්තර්ජාලයට පිවිසෙන බැවිනි. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව 2010 දක්වා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ දත්ත සටහන පහත දැක්වේ.  source:internetworldstats.com එම සටහනට අනුව, 2007 න් පසු ගතවූ කාලය තුල අන්තර්ජාලය වේගයෙන් ව්‍යාප්ත වීම සිදු වී ඇති අතර 2010 වර්ෂයේදී වැඩිම වර්ධන වේගයක් සටහන් කරමින් ලක්ෂ 6 කට වැඩි පිරිසක් අළුතෙන් සම්බන්ධතා ලබාගෙන ඇත. විකිපීඩියා (www.wikipedia.com) වෙබ් අඩවිය විසින් රටේ ජනගහනයට අනුව අන්තර්ජාලය භාවිත කරන සංඛ්‍යාව පෙළ ගස්වා ඇති සටහනට අනුව ලංකාවට හිමිව ඇත්තේ 137 වන ස්ථානයයි. ලංකාව සහ තවත් රටවල් කිහිපයක අන්තර්ජාලය භාවිත කිරීමේ ප්‍රමාණයන් පිළිබඳ පහත සටහන මගින් අන්තර්ජාල සිතියමේ ලංකාවේ තත්වය අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇත.  අන්තර්ජාලයට පිවිසෙන්නේ කුමක් සඳහාද? ආරම්භයේදී ඊමේල් යැවීම, තොරතුරු ලබා ගැනීම, වෘත්තිමය අවශ්‍යතා සඳහා ආදී කරුණු කිහිපයකට සීමා වුවද වර්තමානය වන විට අන්තර්ජාලයට පිවිසෙන අරමුණු වඩා සංකීර්ණ වී ඇත. එම සංකීර්ණත්වය විග්‍රහ කළ නොහැකි තරම් පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිරී ඇත. ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන්නේ කුමක් සඳහාද යන කාරණය සෙවීම සඳහා වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 200 ඇසුරින් කරන ලද අධ්‍යයනයකදී හෙළිවූයේ අන්තර්ජාලයට බහුතරයක් දෙනා පිවිසෙන්නේ ව්‍යාපාරික තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට බවයි. එය සෑම පස්දෙනෙකුටම එක් අයකු (19.5%) ලෙසින් වාර්තා වේ. දේශීය හා අන්තර්ජාතික ව්‍යාපාරික ආයතන හා සමාගම් සඳහා ඇති වෙබ් අඩවි මෙම කාණ්ඩයට ඇතුළත් විය. ඊළඟට වැඩිම පිරිසක් (17.5%) අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ පුවත් ලබා ගැනීමේ අදහසිනි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා නොකරන පුවත් ලබා ගැනීමට හැකි වීමත්, පුවත් ඉක්මනින් හා පහසුවෙන් අඩු පිරිවැයකින් ලබාගැනීමට හැකි වීමත්, පුවත් සඳහා වැඩි ඉල්ලුමක් අන්තර්ජාලයේ ඇති වීමට හේතු වී ඇත. භාගත කිරීම (download) හා ගොනු හුවමාරුව (file sharing) කිරීමේ අරමුණින් තෙවන වැඩිම පිරිස (15%) අන්තර්ජාලය හා සම්බන්ධවන බව දැකිය හැකිය. නොමිලේ ලබාදෙන මෘදුකාංග, වීඩියෝ හා ටොරන්ට් භාගත කිරීම් සඳහා සුවිශේෂි ඉල්ලුමක් ඇති බව දැකිය හැකිය. ගූගල් ප්‍රධාන සෙවුම් යන්ත්‍ර (search engines) භාවිත කරමින් හා වෙනත් තොරතුරු ලබා ගැනීමට ඇති වෙබ් අඩවි භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ අරමුණින් ඊළඟට වැඩිම පිරිසක් (11%) අන්තර්ජාලය හා සම්බන්ධ වන බව දැකිය හැකිය. අන්තර්ජාලයට පිවිසෙන සෑම දහදෙනෙකුගෙන් එක් අයකුම (10%) විනෝදාත්මක කටයුතු සඳහා අන්තර්ජාලය පරිහරණය කරන්නන් වේ. පරිගණක ක්‍රීඩා, ගීත ශ්‍රවණය වැනි විනෝදාස්වාදය සඳහාම ඇති වෙබ් අඩවි මෙම කාණ්ඩයට අයත් විය. මේ අතර අධ්‍යාපන කටයුතු වල නියැලීමේ අරමුණින් අන්තර්ජාලයට පිවිසෙන සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි නැරඹීමටම අන්තර්ජාලය භාවිත කරන බව දැකිය හැකිය. එය සංඛ්‍යාත්මකව වෙබ් අඩවි 10 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 5% ක් බැගින් වේ. මෙහි සුවිශේෂත්වය වන්නේ අසභ්‍ය යැයි පවසා උසාවි නියෝග ලබාගෙන පුළුල් ප්‍රචාර දෙමින් කලක් දිනකට 50-60 වෙබ් අඩවි තහනම් කිරීමයි. එමගින් සිදුවූයේ එම වෙබ් අඩවි වල ලිපිනයන් ව්‍යාප්ත වීම තුළ තවත් ඒවා ජනප්‍රිය වීම පමණි. එසේම ලොකුම හාස්‍යය වන්නේ හරසුන් තර්ක ගෙන එමින් පුවත් අඩවි වාරණයට ලක් කරද්දී ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි තවදුරටත් නිදහසේ ක්‍රියාත්මක වීමයි. ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ ජාල සමග සම්බන්ධ වීමට මෙන්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ අරමුණින් සමාන පිරිසක් (4.5% බැගින්) අන්තර්ජාලයට පිවිසෙන බව පැහැදිලි වේ. අන්තර්ජාලයට පිවිසෙන අනෙත් අයගේ අරමුණු අතර බ්ලොග් ලිවීම හා කියවීම (2.5%), භාණ්ඩ මිලදී ගැනීම (2%), සන්නිවේදනය (2%) දැක්විය හැකිය. ප්‍රධානම ෆ්‍රොක්සි වෙබ් අඩවි දෙකක් මේ අතර තිබීම සුවිශේෂි කරුණක් ලෙස දැකිය හැකිය. මෙයට හේතුවක් ලෙස වාරණයට ලක් වූ වෙබ් අඩවි සඳහා පිවිසීමට මෙම ෆ්‍රොක්සි වෙබ් අඩවි යොදා ගැනීම යැයි අනුමාන කළ හැකිය.  ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කිරීමේ අරමුණු ප්‍රතිශතයක් ලෙස  ශ්‍රී ලංකාවේ හා ලෝකයේ අන්තර්ජාලය භාවිත කිරීමේ අරමුණු සන්සන්දනාත්මක ප්‍රතිශතයක් ලෙස අන්තර්ජාලය භාවිතය පිළිබඳ විශ්ලේෂණය කරනු ලබන ඇලෙක්ෂා (www.alexa.com) වෙබ් අඩවියට අනුව ලංකාවේ වැඩිම පිරිසක් අන්තර්ජාලයට පිවිසෙන්නේ ෆේස්බුක් (www.facebook.com) වෙබ් අඩවිය සඳහා වන අතර එය ආසන්න වශයෙන් මිලියන 1.13 ක් පමණ වේ. තොරතුරු ගවේෂණය පිණිස, ලංකාව සඳහා වන ගූගල් (www.google.lk) වෙබ් අඩවිය දෙවන වැඩිම පිවිසුමක් වාර්තා කරන අතර ගූගල් (www.google.com) වෙබ් අඩවිය තෙවන වැඩිම පිවිසුමක් වාර්තා කරයි. වීඩියෝ නැරඹීම සඳහා ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ් (www.youtube.com) වැඩිම පිවිසුම් ඇති ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව ඇත. ඊමේල් ඇතුළු තවත් සේවා නොමිලයේ ලබාදෙන යාහු (www.yahoo.com) වෙබ් අඩවිය 5 වන ස්ථානයේත් බ්ලොග් සඳහා වන බ්ලොගර් (www.blogspot.com) වෙබ් අඩවිය 6 වන ස්ථානයෙත් රැඳී ඇත. හත්වන ස්ථානයට වැඩිම පිවිසුමක් වාර්තා කරන්නේ විකිපීඩියා (www.wikipedia.org) වෙබ් අඩවියයි. එම වාර්තාවට අනුව ගොසිප්ලංකානිවුස් (www.gossiplankanews.com) වෙබ් අඩවිය වැඩිම පිවිසුම ඇති වෙබ් අඩවි ලැයිස්තුවේ 8 වන ස්ථානයේ ඇති අතර එය වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 10 ට අයත්වන එකම ලාංකික වෙබ් අඩවියයි. ක්‍රිකට් තොරතුරු දැන ගැනීම සඳහා වන ක්‍රික්ඉන්ෆෝ (www.cricinfo.com) වෙබ් අඩවිය 9 වන ස්ථානයේ ඇති අතර ක්‍රීඩා තොරතුරු ලබා ගැනීම සඳහා අන් කිසිදු වෙබ් අඩවියක් වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 200 දක්වා වාර්තා නොවීම විශේෂත්වයකි.  ලෝකය පුරා වැඩිම පිවිසුමක් වාර්තා කරන වෙබ් අඩවි 10 අතුරින් 6 ක්ම ලංකාවේද වැඩිම පිවිසුමක් ඇති වෙබ් අඩවි වන බව දැකිය හැකිය. ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් අඩවිය ගූගල් වන අතර එහි දිනක පිවිසුම් ප්‍රමාණය මිලියන 253 පමණ වේ. වෙබ් අඩවි වර්ගීකරණයට ලක් කිරීමේදී සමහර වෙබ් අඩවි සේවාවන් රැසක් සළසන නිසා වඩාත් ජනප්‍රිය සේවාව මත වර්ගීකරණයට ලක් කළ බව සැළකිය යුතුය. 

අන්තර්ජාලය

අන්තර්ජාලය    අන්තර්ජාලය ද්වාරය ලෝකය පුරා විසිරි ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අයුරු පෙන්වන සිතියමක් ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය. පද වෙනස්කම්: අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන සංස්කරණය මූලික ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමන අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි. අන්තර්ජාලයෙන් බහුලව ලබාගන්නා සේවාවන් සංස්කරණය විද්‍යුත් තැපෑල සංස්කරණය මූලික ලිපිය: විද්‍යුත් තැපෑල පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර වද්‍යුත‍‍් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලො‌වව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි. විශ්ව ව්‍යාප්ත වියමන(විශ්ව විසිරි වියමන) සංස්කරණය මූලික ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමන විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි. සමාජයීය බලපෑම් සංස්කරණය අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත. “ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත. විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ. අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය සංස්කරණය  ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට  සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි. ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ. ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය. වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ. බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත්

ලකුණු සර

Lakunu sara සියබස්ලකරින් කාව්‍යාලංකාර, සිදත් සඟාවෙන් ව්‍යාකරණ සහ එළු සඳස් ලකුණින් ඡන්දස් යන විෂයයන් ගැන ලියැවී තිබිය දී කාව්‍යකරණය පිළිබඳ කරුණු පහදමින් ලියැවුණු කෘතිය ‘ලකුණුසර’ නම් වේ. විශේෂයෙන් කාව්‍යකරණයේ ඉෂ්ටානිෂ්ට ප‍්‍රතිඵල හෙවත් සුභාසුන විපාක විග‍්‍රහ කොට දක්වනු උදෙසා ලකුණුසර ලියැවී තිබේ. සිදත් සඟාවේ අවසාන භාගයේ ඉෂ්ටානිෂ්ට අක්ෂර සහ කාව්‍ය දෝෂ ගැන සඳහන් වන කොටස පසු කාලයක දී එයට එක් වූවකැයි සමහරු මත පළ කරති. එය කෙසේ වුවත් මේ විෂයය පිළිබඳ වෙන ම කෘතියක් සේ ලියැවුණු දැනට අපට හමුවන පැරණි ම පොත ලකුණුසර යි. ලකුණුසර ප‍්‍රමාණයෙන් කුඩා කෘතියකි. සිදත් සඟාව සහ එළු සඳස් ලකුණ වැනි කෘතියක් හා සසඳ්‍ර බලද්දී අගයෙන් අඩු බවක් පෙනුණ ද කාව්‍ය ශාස්ත‍්‍රයට අදාළ තවත් වැදගත් අංශයක් හෙළි පෙහෙළි කිරීම අතින් මෙහි වටිනාකම කැපී පෙනේ. කාව්‍ය ලක්ෂණවල හරය නැතහොත් සාරය දැක්වීම යන අර්ථයෙන් ‘ලකුණුසර’ යන්න යෙදී ඇති බැව් පෙනේ. ‘සර’ යන්නෙහි ශබ්දය යන අර්ථය ද ඇත. මේ පොතෙහි නම කතුවරයා විසින් මෙසේ යොදන ලද ද නැතහොත් පසු ව යොදා ගත්තක් ද යන්න පැහැදිලි නැත. එහෙත් මෙහි ආරම්භයෙහි එන ‘ලකණැජනේ’ යන්නෙහි ද අවසාන පද්‍යයෙහි එන ‘මෙ ලකුණු බිණි යුත්’ යන්නෙහිද ‘ලකුණු’ යන්න ප‍්‍රකට වේ. ලකුණුසරෙහි ‘කියනෙම් සැටකවෙකිනෙක්’ යැයි කියැවෙන පරිදි කවි හැට එකකින් මේ කෘතිය ලියූ බව පැවැසේ. එහෙත් දැනට දකින්නට ලැබෙන්නේ පද්‍ය 58 ක් පමණි. ඉතිරි පද්‍ය තුන කෘතිය අවසානයෙහි තිබී කාලයක දී ගිලිහී යන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එසේ වී නම් කර්තෘ නාමය හා ග‍්‍රන්ථ කාලය පිළිබඳ තොරතුරු එහි තිබෙන්නට ඇත. මෙහි කතුවරයාණන් කවුරුන් ද යන්න කෘතියෙන් හෝ වෙනත් මූලාශ‍්‍රයයකින් හෝ හෙළිදරව් නො වේ. මෙය ලියැවී ඇත්තේ ගී විරිතෙනි. මේ ගීවල භාෂා විලාසය සහ උදාහරණ ගී සපයා ගත් කෘතිවල කාල වකවානු ආදිය සලකා බැලීමේ දී ලකුණුසර දඹදෙණි සමයේ අගභාගයේ දී ලියැවුණු කෘතියකැයි සැලකිය හැකිවේ. මෙහි එන ගී සංඛ්‍යාව ගණනය කොට ඇත්තේ වරින්වර ඉදිරිපත් කෙරෙන උදාහරණ ගී ද සමඟ ය. එබැවින් ලකුණුසර රචකයා අතින් ලියැවී ඇති ගී සංඛ්‍යාව හතළිස් ගණනකට පමණ සීමා වේ. සම්බුද්ධ නමස්කාරයෙන් පසු එන දෙවැනි ගීයෙන් කෘතියේ අරමුණ පැහැදිලි කොට ඇත්තේ මෙලෙසිනි: ‘පොරණ ලකණැජරන් - කුළුණැස් නොලද ලෙව්හට අට ගණ සද වත් ඈ - ගුණ දොස් බිඳු දක්වම්’ මෙයින් කියැවෙන පරිදි පුරාණ ලක්ෂණ ආචාර්යවරයන්ගේ කාරුණික දැක්ම නො ලැබු ලෝකයාට අටගණ, ශබ්ද, වස්තු ආදි වූ ගුණ දෝෂ බිඳක් දැක්වීම මෙහි පරමාර්ථය යි. මේ අනුව මෙහි ප‍්‍රකාශ කරන්නට අපේක්ෂිත ලක්ෂණ ශාස්ත‍්‍රය උගතුන් ඇසුරේ පෙර සිට පැවැති බවත් ඒ පිළිබඳ යම් යම් කෘති තිබූ බවක් පැවැසේ. තවද මේ කෘතියේ අදහස ස්වල්ප වශයෙන් හෙවත් සාරය හැටියට එකී ලක්ෂණ පහදා දීම බව පළ වේ. එබැවින් මෙය මෙසේ කුඩා රචනයක් ලෙසින් නිර්මාණය වී ඇති බැව් සිතිය හැකි ය. පද්‍ය බන්ධනයෙහි දී ගණ පමණක් නො ව ශබ්ද ගැන ද අවධානය යොමු කළ යුතු වග පැහැදිලි කෙරෙන ලකුණුසරෙහි යහපත සලසන සුබ අර්ථ ඇති වදන් සහ අයහපත ගෙනෙන අසුබ අර්ථ ඇති වදන් මොනවා දැයි යන්න ඊළඟ කොටසින් පැහැදිලි කරයි. කාව්‍යාරම්භයේ මෙන් ම අවසානයෙහිත් යෙදිය යුතු සුබ අර්ථ ඇති වචන සහ නො යෙදිය යුතු අසුබ වචන සමූහයක් එහි දක්වා ඇත. අවසාන වශයෙන් පැවැසෙන්නේ යවහන් දෝෂ පිළිබඳ ව යි. යවහන් යන අකුරු සතරට අදාළ ව යෙදෙන දෝෂය මහා දෝෂයක් සේ මෙහි දැක්වේ. යවහන් බලපානුයේ එළිසම කවි උදෙසා ය. ගී විරිතෙන් සැදි මේ පොතෙහි එළිසම කවියක් දකින්නට ලැබෙන්නේ යවහන් දෝෂ ගැන පැවසෙන උදාහරණ කවියක් වශයෙන් පමණි. යවහන් අක්ෂර හතරට උදාහරණ පිණිස කවි හතරක් තිබිය යුතු වුව ද මෙහි ඇත්තේ එක ම කවියකි. මුල් පිටපතින් ගිලිහී ඇති පද්‍ය තුන ඇතැම් විට මෙතැන තිබිය යුතු වූ කවි තුන වන්නට ද පිළිවන. ඉහත දැක්වුණු අන්තර්ගතයේ වූ කරුණු දෙස බැලීමේ දී ලකුණුසර යනු හුදෙක් සෙත් ප‍්‍රාර්ථනය කෙරෙන කාව්‍ය නිබන්ධනයේ ලා වූ උපදේශාත්මක කෘතියක් සේ දකින්නට පිළිවන. කාව්‍ය බන්ධනය හුදෙක් රසවින්දනය ම පමණක් නො ව තවත් අකුරු අරමුණු උදෙසා ද උපයෝගී කොට ගැනුණු ආකාරය මෙයින් ප‍්‍රත්‍යක්ෂ වේ. ඉෂ්ට අනිෂ්ට ගණ සහ සුබ අසුබ වදන් පිළිබඳ දැක්වීමෙන් ගුප්ත විද්‍යාවක් ලෙසින් කාව්‍යය භාවිත වූ ආකාරය අවබෝධ කර ගත හැකි ය. එහි දී යහපත් ප‍්‍රාර්ථනා උදෙසා මෙන්ම අයහපත් අරමුණු උදෙසා ද මේ ශබ්ද විද්‍යාව මෙහෙයවිය හැකි ව තිබූ වග මෙහි එන කරුණුවලින් ම නිරාවරණය වේ. සෙත්කවි සහ වස්කවි යනුවෙන් ව්‍යවහාරයෙහි වූයේ මේ දෙඅංශය යි. ලකුණුසරෙන් පැහැදිලි කෙරෙන්නේ ඉෂ්ට ගණ, සුබ වදන් හා මංගල වස්තු කාව්‍යකරණයේ දී භාවිත කළ යුතු බව පමණක් නො ව අනිෂ්ට ගණ, අසුබ වදන් හා අවමංගල වස්තුවලින් ද කාව්‍ය දෝෂවලින් ද මිදී කාව්‍ය රචනයෙහි යෙදිය යුතු වගයි. එසේ කෙරෙන කාව්‍ය ප‍්‍රබන්ධයෙන් තමාගේත් සෙත් ලැබිය යුතු අයගේත් යහපත උදාවන බව කතුවරයා වරින්වර පහදා දෙනු දැකිය හැකි ය. ලකුණුසර පැරැණි ගී විරිත් ශෛලියෙන් පමණක් නො ව පැරැණි භාෂා විලාසයෙන් ද යුක්ත වුවත් සිදත් සඟාව සහ එළු සඳස් ලකුණට වඩා ලිහිල් බවකින් යුක්ත ය. මෙය

ලංකාවේ අන්තර්ජාල භාවිතය

http://www.boondi.lk/article.php?ArtID=2298

අන්තර්ජාලය

https://si.m.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA